FAST NEWS

24×7 Around the Globe

තවත් නාවික සෙබලුන් 8 දෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සෙබලුන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය. 

ඉන් 7 දෙනෙකු නාවික හමුදා රෝහලින්ද එක් අයෙකු මුල්ලේරියාව රෝහලින්ද ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මේ අනුව සුවය ලැබූ සමස්ත නාවික සෙබලුන්ගේ සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ යයි.