FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනයට එරෙහිව තවත් පෙත්සම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණය ජුනි 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාව මේ වන විට 10 ක් දක්වා ඉහළ ගොස් ඇත.   

අද පස්වරුවේ සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කරනු ලැබීය.

නීතීඥ චරිත ගුණරත්න , රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු යන අය ඇතුළු පිරිසක් විසින් ද පෙත්සම් 9 ක් ගොනු කර ඇත.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හල දිනයේ සිට මාස තුනක් ඇතුළත මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට විධිවිධාන සලසා ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් නිකුත් ගැසට් නිවේදනයට අනුව නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවනදා ට පෙර රැස්වීය යුතු බව පෙත්සම්කරුවන් සඳහන් කරයි.