FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් ලෙසට හඳුනාගත් 3 කට එසේ නොමැති බවට තහවුරු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට ඊයේ දිනයේදී හඳුනා ගැණුනු රාජගිරියෙන් සහ කොළොන්නාවෙන් හමුවූ දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිහ  මහතා පවසයි.   

ඒ අනුව ආසාදිතයන්ගේ ලේඛණයෙන් ඔවුන් ඉවත් කිරීමට ද තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.