FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා මර්ධනයට ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4.5 කට අධික ආධාර මුදලක් ලබාදෙන බව මෙරට පිහිටි එරට තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය හරහා මෙරටට එම ආධාර මුදල ලැබීමට සලස්වනු ලැබේ.

මීට පෙර සෞඛ්‍ය ආධාර ලෙස මෙරටට ඩොලර් මිලියන 1.3 ක් ලබාදීමට ඇමරිකාව කටයුතු කළ අතර එම ආධාර මුදල් විද්‍යාගාර පද්ධති සුදානම් කිරීමටත්, සිද්ධි සොයා ගැනීම සඳහා සක්‍රිය කිරීමටත් හා සිදුවීම් පාදක අවේක්ෂණයටත් ප්‍රතිචාර හා පෙර සුදානම මෙන්ම තාක්ෂණික විශේෂයින්ට සහය ලබා දීමට උපකාරී වී ඇති බව සඳහන්.

ඒ අනුව ඇමරිකානු රජය විසින් ලබා දුන් සමස්ත දායකත්වය ඩොලර් මිලියන 5.8 ක් බව ද නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේය.