FAST NEWS

24×7 Around the Globe

මහා මැතිවරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහා මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවට පවසමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යශෝති සරවනමුත්තු විසින්.

මීට පෙර ද හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත් නීතිඥ චරිත ගුණරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මහ මැතිවරණය වළක්වාලන ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.