FAST NEWS

24×7 Around the Globe

සංචාරකයින් 11,000 කට වැඩි පිරිසක් ලංකාවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගමන විගමන දෙපාර්තමේන්තු දත්ත අනුව සිය මව්රටට යා ගත නොහැකිව ශ්‍රී ලංකාව තුළ සංචාරකයින් 11,389 ක් පමණ  සිටින බව සංචාරක සංවර්ධන එම අධිකාරිය පවසයි.

ඒ කොවිඞ්-19 ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන්.

ඇඳිරි නිතිය හේතුවෙන් දැනට අපහසුතාවට පත්ව සිටින විදේශීය සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා ලියාපදිංචිවීමට නව වෙබ් අඩවියක් හඳුන්වාදී ඇති තිබේ.

ඒ අනුව එම සංචාරකයින් සහ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින විදේශිකයන්ගේ තොරතුරු එක්රැස් කරගැනීමට නියමිතයි.