FAST NEWS

24×7 Around the Globe

අවපාතයට ලක් වූ රුපියල ක්‍රමයෙන් යථා තත්ත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 හේතුවෙන් අවපාතයට ලක්වූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.81 ක් හා විකුණුම් මිල රු. 191.71 ක් ලෙසින් අද (05) දිනයේ සටහන් විය.

පසුගිය සති කිහිපය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවති අතර එහිදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 සීමාව ද ඉක්මවා ගියේය.