(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා සමස්ත ආසාදිතයින්ගෙන් 321 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එම අංශය පැවසුවේ යුධ හමුදා සාමාජිකයින් දස දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයෙකු ද මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් වන බවයි.
ඊයේ (04) දිනයේ වාර්තා වූ ආසාදිතයින් 33 දෙනාගෙන් 31 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් සමීපව ඇසුරු කිරීම හේතුවෙන් නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මේ අතර තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සිව් දෙනෙකු හදුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.








