FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට අදාළව ගොනුකළ පෙත්සම සලකා බැලීමට දිනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන (11) වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

හිටපු ආණ්ඩුකාරවරයෙකුද වන නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් නීතීඥ චරිත ගුණරත්න මහතායි එය ගොණු කර ඇති බව සඳහන්.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම තවදුරටත් අවසන්ව නොමැති බැවින් මෙම අවස්ථාවේදි මැතිවරණයක් පැවැත්වීම තුළින් පුරවැසියන්ගේ ජිවිත අනතුරට පත් වන බවයි.