FAST NEWS

24×7 Around the Globe

ගාල්ලේ කඩසාප්පු පෙළක ගින්නක්

(ෆාස්ට් නිව්ස් |ගාල්ල) – ගාල්ල පොලීසියට ගාල්ල නග‍රයේ ඇති කඩ සාප්පු පෙළක ගින්නක් ඇති වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ අනුව ඊයේ (04) රාත්‍රී 9 ට පමණ ගාල්ල පොලීසිය, ගාල්ල නගර සභා ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිමා දමා තිබේ.

පොලීසිය පවසන ආකාරයට ගින්න හේතුවෙන් කඩ සාප්පු 8 ක් ගිනි ගෙන ඇති අතර ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් හා ගාල්ල පොලීසිය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරයි.