FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන නිලධාරී සේවා සංගමයෙන් රජයට රතු එළියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලබන 06 වන දිනෙන් පසු සියලු අතිරේක රාජකාරී කටයුතුවලින් ඉවත් වන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අනතුරු අඟවා සිටියි.   

ඔවුන් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන්ට සමාන කාර්යය භාරයක් සංවර්ධන නිලධාරීන් විසින් ද සිදුකරන බවයි.

එහෙත් සංවර්ධන නිලධාරින් සඳහා මුව ආවරණ, අත් ආවරණ ඇතුලු ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දී නොමැති අතර දීමනා, හා චක්‍රෙල්ඛ මගින් ආවරණය කිරීම්වලදී සංවර්ධන නිලධාරින් නොසලකා හැර ඇති බව එම සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ද ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.