FAST NEWS

24×7 Around the Globe

බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 වර්ෂයේ පැවැත්වූ බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැක.

මෙම විභාගය සදහා 47,722 දෙනෙකු අයදුම්කර තිබූ බවත් ඉන් 23,647 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල ලේඛන ඉදිරියේදී දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් වෙත නිකුත් කිරීමට නියමිතයි.