FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 46,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (04) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,169 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම කාලය තුළදී රථවාහන 314ක්ද පොලීසිය තම භාරයට ගෙන ඇති බවයි.

මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 46,284 ක් වන අතර එම කාලය තුළදී රථවාහන 12,013ක්ද පොලීසිය තම භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.