FAST NEWS

24×7 Around the Globe

බීජ අර්තාපල් පිලිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – බීජ අර්තාපල් සෑදීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස නුවරළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල අර්තාපල් වගාකරුවන්ගෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

ඒ කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන්

බීජ ලබා ගැනීමට සුදුසු අර්තාපල් පරිභෝජනය සඳහා අලෙවි නොකර ඉදිරි කන්නය සඳහා වගා කිරීමට අවශ්‍ය බීජ සකසා ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එම්.කේ. දිසානායක පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වෙනත් වර්ෂවල මෙරටට බීජ සඳහා මෙන්ම පරිභෝජනය සඳහා අර්තාපල් ආනයනය කළ ද පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව ඇති බවයි.