FAST NEWS

24×7 Around the Globe

හැටන් වතු යායක ඇතිවූ ගින්නකින් නිවාස 14 කට දැඩි හානි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හැටන් ඇබොස්ලි වතු යායේ නිවාස පේලියක අද පස්වරුවේ ඇතිවූ ගින්නකින් වතු නිවාස 14 ක් විනාශ වී තිබේ.     

එක් නිවසක ඇතිවූ ගින්න සෙසු නිවාසවලට ද පැතිර ගොස් ඇති අතර මෙහිදී කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.

ගින්නට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැත.

පැතිර යමින් පැවති ගින්න වතු කම්කරුවන් සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මැදිහත්වීමෙන් පාලනය කිරීමට සමත්න ඇත.