FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට නියමිත අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල්ගිය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 

එමෙන්ම , ජුනි 20 වනදා පැවැත්වීමට නියම කර ඇති මහමැතිවරණය නියමිත දිනට පවත්වන්නේන ද නැතහොත් තවදුරටත් කල් දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව එම කොමිසම දැනුම් දී තිබේ.

ඒ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග අද කොමිෂන් සභා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.