FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් සහ මෙල්බන් වෙත හෙට සිට විශේෂ ගුවන් වාර කීපයක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – කොරෝනා ව්‍යාප්තියත් සමග එංගලන්තයේ සහ  ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.  

ඔවුන් නිකුත් කළ නිවේදනයට අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත මැයි මස 3, 4 සහ 5 යන දිනවලදී මෙම ගුවන් යානා යෙදවීමට පියවර ගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙත මැයි මස 8 වනදා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයක් පිටත්ව යාමට නියමිතය.

මෙම ගුවන් ගමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල , එම රටවල සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරි මැදිහත් වීමෙන් සැලසුම් කර ඇත.