FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළෙඹෙන ජුනි මස 20 වනදා මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමේ නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ.

හිටපු ආණ්ඩුකාරවරයෙකුද වන නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් නීතීඥ චරිත ගුණරත්න මහතායි එය ගොණු කර ඇති බව සඳහන්.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම තවදුරටත් අවසන්ව නොමැති බැවින් මෙම අවස්ථාවේදි මැතිවරණයක් පැවැත්වීම තුළින් පුරවැසියන්ගේ ජිවිත අනතුරට පත් වන බවයි.