FAST NEWS

24×7 Around the Globe

මැයි 11 සිට සරල කල වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැයි මස 11 වන දින සිට සරල කරන ලද වැලි, පස් හා බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව චක්‍රලේඛයේ සඳහන් පරිදි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි.

ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ දී පැමිණෙන අයදුම්කරුවන්ගේ වර්තමානයේ ක්‍රියාත්මක දුරස්ථ ක්‍රමවේදයට අනුගතව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල නිවේදනය කර තිබේ.

තවද පවතින ආරක්ෂිත ක්‍රමවේද යටතේ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ දී සේවාලාභීන් කාර්යාංශය වෙත පැමිණීම වැළැක්වෙන පිරිදි ඒ ඒ කාර්යාලවලට සුදුසු ක්‍රමවේදයක් සකස් කර ඇත.