FAST NEWS

24×7 Around the Globe

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් කොළඹ මහ නගර සභා සීමාවේ රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බව පවසයි.

බණ්ඩාරණායක මාවත, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල සේවයේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් මෙලෙස නිරෝධායනයට ලක්ව ඇති බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සදහන් කළේය.

මේ අතර අදාල නිලධාරීන්ගේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි සදහන් කළේය.