FAST NEWS

24×7 Around the Globe

සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

මීට දින කිහිපයකට පෙර හදිසි රෝගාබාධයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ඔහු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබුණු අතර එහිදී ඔහු අද අලුයම ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වසර 50 කට ආසන්න කාලයක් තුල චිත්‍රපට 100 කට පමණ රංගනයෙන් දායක වී තිබේ.