FAST NEWS

24×7 Around the Globe

කොළඹ මහාධිකරණ හා දිසා අධිකරණ නඩු කටයුතු කල් දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහාධිකරණවල සහ කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු තවදුරටත් නොපැවැත්වෙන බව අධිකරණ සේවා කොමිසන් සභාව පවසයි.

ලබන 04 වනදා සිට එම කටයුතු ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බව එම කොමිසන් සභාව සඳහන් කරයි.

තවද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත තවදුරටත් ඉදිරිපත් කෙරේ.

දැනට බලාත්මක ඇඳිරි නීතිය සැළකිල්ලට ගනිමින් අධිකරණ සේවා කොමිසන් සභාව මේ තීරණයට පසුගියදා එළැඹුණේය.