FAST NEWS

24×7 Around the Globe

පළාත් රැසකට වැසි සමඟ ප්‍රබල අකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයඹ, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයට අද (28) රාත්‍රී කාලයේදී ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවක්ද පවතින අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසිද අපේක්ෂා කරන බවයි