FAST NEWS

24×7 Around the Globe

ධීවර ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.    

මීට අමතරව එම ප්‍රදේශවලට තද වැසි ද ඇති විය හැකි බවත් , එබැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.