FAST NEWS

24×7 Around the Globe

කොවිඩ්-19 මෙහෙයුමට මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගමෙන් බස් රථයක්

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19 ) – කොවිඩ්19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගම රුපියල් ලක්ෂ 90 ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කරනු ලැබීය.   

අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් මෙම බස් රථය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.