(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – හෙට (28) දිනයේදී ඇඳිරිනීතිය ලිහිල් කරන ප්‍රදේශවල ජනතාවට සිය රැකියා කටයුතු හෝ ස්වයං රැකියා කටයුතු සඳහා නිවෙස්වලින් බැහැරවයාමට බාධාවකින් තොරව අවසර හිමිවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඇඳිරිනීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා නිවෙස්වලින් බැහැරවීමට හඳුන්වාදී ඇති ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය පිළීබඳව අජිත් රෝහණ මහතා කරුණු පැහැදිලි කළේය.








