විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදලින් රුපියල් කෝටි 60 ක සිල් රෙදි ලබාදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට ඇප මත මුදා හැර තිබේ.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන විසින්.
රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 3ක් මත ඔවුහු මුදා හැරීමට මහේස්ත්රාත්වරිය නියෝග කළාය.
පසුගිය ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ජනපති අපේක්ෂක ප්රවර්ධනය කිරීම සඳහා අදාළ සිල් රෙදි බෙදා දුන් බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල විය.







