FAST NEWS

24×7 Around the Globe

විභාග පැවැත්වෙන දිනයන් පිළිබඳ ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද පවසන ආකාරයට 19 වසංගතය හේතුවෙන් පාසල්වල අධ්‍යයන කටයුතුවල ප්‍රමාදයක් පැවතියද උසස් පෙළ විභාගය නියමිත කාලවකවානුවේදීම පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා විභාග අයැදුම්පත් තුන් ලක්ෂ හැට හත් දහසකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා මේ වනවිටත් ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සඳහාද අන්තර්ජාලය හරහා විභාග අයැදුම්පත් තුන් ලක්ෂ තිස් අට දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේය.

එම සියලු විභාග නියමිත දිනයන්හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව අධ්‍යාපන ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේය.