FAST NEWS

24×7 Around the Globe

ඩකා නුවර ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව දකුණු ආසියානු රටවල සිටින සිසුන් අතුරින් 6 වන කණ්ඩායම අද (27) දිවයිනට පැමිණේ.

බංග්ලාදේශයේ ඩකා නගරයේ සිට සිසුන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

මේ වනවිට ලාහෝර්, කරච්චි, අම්රිට්සාර්, කත්මණ්ඩු, මුම්බායි සහ කොයිම්බතූර් නගරවල සිට 566 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන අවසන්ය.

මේ වනවිට ඔවුන් සියලු දෙනා නිරෝධායනයට යොමුකර තිබේ.