FAST NEWS

24×7 Around the Globe

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) සිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුව රාජකාරියේ නියුතු පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකාවක් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගත් නිවසකින් ආහාර ලබාගැනීම හේතුවෙන් ඇති වූ සැකය මත පසුගිය සඳුදා සිට වසා දැමුණි.

එහි සේවයේ නියුතු එම ආරක්ෂක නිලධාරිනිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සදහා ලක් කෙරුණ ද ඔවුන් අතරින් කිසිදු ආසාදිතයෙකු හමු වී නොමැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.