FAST NEWS

24×7 Around the Globe

සේයා ඝාතනය: දුනේෂ් ප්‍රියශාන්තට ඇප ලැබෙන ලකුණු.

කොටදෙණියාවේ සේයා සදෙව්මි ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තෙවැනි සැකකරු වන කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්තගේ ජාන පරීක්ෂණය හා සේයාගේ ජාන පරීක්ෂණය නොගැලපෙන බව බොරැල්ල ජීන් ටෙක් ආයතනයේ කරනු ලැබූ පරීක්ෂණවලදී හෙළිව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

එ අනුව සේයා ඝාතනයට සැකකාර කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්තට අධිකරණයෙන් නුදුරේම ඇප ලැබෙනු ඇත.

එහි පළමුවෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා හා එක්දරු පියාද ඩී.එන්.ඒ. පරීක්ෂණ නොගැලපීම හේතුවෙන් අධිකරණය විසින් නිදහස් කරනු ලැබීය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොණ්ඩාගේ අයියා වන සමන් ජයලත්ද අත්අඩංගුවට පත්ව තිබේ. ඔහුගේත් ජාන පරීක්ෂණය ජින් ටෙක් ආයතනය විසින් සිඳුකරනු ලබයි.