FAST NEWS

24×7 Around the Globe

යුද හමුදාපතිගෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මේ වන විට නිවාඩු ලබා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් තම කඳවුරු වෙත ආපසු යාමට ප්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ළඟම ඇති කඳවුරට වාර්තා කරන ලෙසට ඉල්ලා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.   

ත්‍රිවිධ හමුදා නිලධාරීන් නැවත ඔවුන්ගේ ස්ථාන වෙත වාර්තා කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දෙන බව ද යුද හමුදාපතිවරයා පවසයි.