FAST NEWS

24×7 Around the Globe

කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බෝගම්බරට මාරු කරයි

(ෆාස්ට් නිව්ස් | කළුතර) – කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 65 දෙනෙකු මහනුවර බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.    

කළුතර බන්ධනාගාර ගත කෙරෙන නවක රිමාන්ඩ් පුද්ගලයන්ට පිරිමි රිමාන්ඩ් සිරකරුවන්ට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් නිරෝධායනය ට ලක් කළ යුතු නිසා කාන්තා අංශයේ රැඳවියන් මෙසේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර මාරුකර යැවීමට කටයුතු කළ බව කළුතර බන්ධනාගාර රෝහලේ වෛද්‍ය සුදත් දිවාකර මොහොට්ටි මහතා අද (26) සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පිරිමි සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වන බැවින් එම පිරිස් වලට බන්ධනාගාරය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවන හෙයින් කාන්තා රැඳවියන් මෙසේ මාරුකර යැවීමට කටයුතු කර තිබේ.