FAST NEWS

24×7 Around the Globe

විශේෂ ගුවන් යානයක් නැවතත් ඉන්දියාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොයිම්බතූර් හි රැදී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් 122 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව විය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 1193 දරන මෙම ගුවන් යානය 4/26 දින පෙරවරුවේ 9.05 ට ඉන්දියාවේ කොයිම්බතූර් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

මෙම ගුවන් යානය තුළ කිසිදු ගුවන් මගියෙකු නොසිටි අතර , එහි ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු පමණක් ගමන් කළහ.