FAST NEWS

24×7 Around the Globe

උතුරු දුම්රිය මග යථා තත්ත්වයට පත්කරයි.

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් අඩාල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රී 12.30 පමණ වන විට දුම්රිය යළි පීලි ගතකිරීමට හැකිවූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වන විටත් මාර්ගයේ නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.

තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියක් ඊයේ පස්වරු 3.45ට පමණ අඹන්පොල සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී පීලිපැනීමට ලක්විය.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 04ක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය සිහිපත් කළේය.