(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරම්භයේදී ඉතා සුලු වශයෙන් පැවති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව මේ වනවිට ඉහළ අගයකට පත්ව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.
පසුගිය සතියේදී එහි සාමාන්‍ය අගය 531 ක් ලෙස පැවතුණු අතර මෙම සතිය වනවිට එම අගය 700 දක්වා ඉහල යා හැකි බවට අපේක්ෂා කරයි.
තවද අද (24) දිනයේදි දිවයිනේ සියලු පි සී ආර් පරීක්ෂණාගාර සම්බන්ධකර ගනිමින් විශේෂ සාකච්ඡාවක් සිදු කෙරෙන අතර ඇතැම් රසායනාගාරවල පි සී ආර් පරීක්ෂණ යන්ත්‍ර තවදුරටත් වැඩි කිරීම කෙරෙහි එහිදි අවධානය යොමු කිරීමට නියමිතයි.








