FAST NEWS

24×7 Around the Globe

ජාතික විදුලි පරිභෝජනය පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික විදුලි පරිභෝජනය සියයට 30 කින් සහ ජල විදුලි උත්පාදනය සියයට 15 ක් පමණ අඩුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහෙත් අමාත්‍යංශය අනතුරු අගවන්නේ අරපිරිමැස්මෙන් විදුලිය භාවිත නොකලහොත් ගෘහස්ත විදුලි පරිභෝජනය ඉහල යා හැකි බවයි.

තවද නාස්තිය වලක්වා ගනිමින් විදුලි පරිභෝජනය සිදු කරන්නැයි සියලු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය මුදා හැරීම් නිසා ජල විදුලි ආශ්‍රිත නිෂ්පාදන යම් ප්‍රමාණයකට සීමා වී ඇති බවයි.