FAST NEWS

24×7 Around the Globe

ගෘහාශ්‍රිතව ජීවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරීක්ෂාවට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන ප්‍රදේශවල සිටින ගෘහාශ්‍රිතව ජීවත්වන සතුන්ගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල පවසයි.

ඒ මිනිසුන්ගෙන් සතුන්ට කොරෝනා වෛරසය සම්ප්‍රේශනය වන බවට මේ වනවිටත් තහවුරු වී තිබීමත් හේතුවෙනි.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය හේමාලි කොතලාවල කියා සිටියේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශය සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය එක්ව ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි.