FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන නීතිය කඩ කරන්නන්ට එරෙහිව පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඇඳිරි නීතිය නොමැති කාලය තුළ නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාට බලය පවරා ඇති බව පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ද එම ප්‍රදේශවල තමාට අවශ්‍ය ආකාරයෙන් හැසිරීමට නොහැකි බවයි.

ඔහු මේ බව කියා සිටියේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.