FAST NEWS

24×7 Around the Globe

වනජීවි නිලධාරියාට වෙඩි තැබූ සිව්දෙනා හෙට අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (22) රාත්‍රී කාලයේ දඹගල්ල පොලිස් වසමේ ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් කටයුතු සඳහා පිටව ගොස් සිටි ඉඟිණියාගල වනජීවි නිලධාරියාට වෙඩි තැබීමේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට පත් සිව්දෙනා හෙට (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.   

මෙම වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත්වූයේ වයස අවරුදු 25 ක් වන ඉඟිණියාගල වනජීවි කාර්යාලයට අනුයක්තව සේවය කළ නිලධාරීයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු වෙඩි තැබීමට උපයෝගී කරගත් බොර 12 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා හෙට දිනයේ දී මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.