FAST NEWS

24×7 Around the Globe

PCR පරීක්ෂණ සදහා පෞද්ගලික රෝහල්වල සහාය [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.  

ඒ අනුව මෙම PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල තිබෙන පහසුකම් ලබා ගැනීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

PCR පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික රෝහල්වල සහාය ලබාගැනීම සදහා විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (23) පෙරවරුවේ සෞඛ්‍ය හා දේශීය දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.