FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් 19 අරමුදල වෙත තවත් පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොවිඩ් 19 අරමුදල වෙත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සේවක මණ්ඩලයේ එක්දිනක වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.   

රුපියල් ලක්ෂ 142 කට ආසන්න එම මුදල අද පෙරවරුවේ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදී  ඇත.

එම අවස්ථාවේදී අමාත්‍ය මහින්ද අමරවීර අග්‍රාමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ එම අරමුදල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුපක් පරිත්‍යාග කිරීමටයි.