FAST NEWS

24×7 Around the Globe

ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ඉන්දියාවේ අමිර්තසාර් හි රැදී සිටි එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.  

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1146 දරන ගුවන් යානයෙන් මෙම සිසු පිරිස පස්වරු 2.26 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
මෙම සිසුන් පිරිස විශබීජ හරණය කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කිරීමට නියමිතය.