FAST NEWS

24×7 Around the Globe

අගමැති මහින්ද යුනිසෙෆ් වැඩසටහනකට තෝරා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය විසින් දරුවන් සම්බන්ධ කර ගනිමින් සංවිධාන කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීවල වත්මන් ව්‍යසනකාරී තත්වය නිසා ළමා මනසට බලපාඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් තෝරා පත් කර ගෙන තිබේ.

ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්වය පිළිබඳ තමාට ඇති ගැටළු සම්බන්ධයෙන් වයස අවුරුදු 18ට අඩු ඕනෑම දරුවෙකුට , තම ගැටළුව තත්පර 10ක වීඩියෝවක් ලෙස පටිගත කර අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ හැකියි.

එලෙස පටිගත කළ වීඩියෝව ෆේස්බුක් පණිවිඩයක් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල ෆෙස්බුක් පිටුව ඔස්සේ යොමු කිරීමේ අවස්ථාව සලසා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

මෙහිදී එම ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදෙන පිළිතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල ෆෙස්බුක් පිටුව ඔස්සේ නිකුත් කිරීමටද කටයුතු සැළසුම් කර තිබේ.