කහවත්තේ දී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ජනාධිපතිවරණ සමයේ දී කහවත්ත නගරයේ පැවැත්වෙන ජනහමුවකට සැරසිලි කරමින් සිටිය දීයි මෙම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයා වෙඩි තබා ඝාතනය කෙරුණේ.
ඒ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.ඔවුන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කෙරුණු අතර සැකකරුවන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා නියෝග කළේ.
සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.







