FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක් [GAZZETTE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිසන් සභාව විසින් රජයේ සියලු අමාත්‍යාංශ, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත නියෝග කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ , ජන්ද විමසීම් කාල සීමාව තුලදී රජය විසින් පුරවැසියන්ට සහන ලබා දීමේ කාර්යය මෙහෙයවීම හෝ පහසුකම් සැලසීම වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති කිසිදු දේශපාලන පක්ෂයක්, අපේක්ෂකයෙක් සහභාගී කරවා ගැනීමෙන් වලකින ලෙස දන්වමිනි.