FAST NEWS

24×7 Around the Globe

වෙඩි තැබීමකින් වනජීවි නිලධාරියෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | දඹගල්ල) – දඹගල්ල පොලිස් වසමේ ගලඔය ජාතික වනෝද්‍යානයේ වැටලීම් කටයුතු සඳහා පිටවගොස් සිටි ඉඟිණියාගල වනජීවි නිලධාරියෙකුට දඩයම්කරුවන් පිරිසක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල පවසන ආකාරයට ඊයේ(22) රාත්‍රී කාලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

මෙම වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ වයස අවරුදු 25ක් වන ඉඟිණියාගල වනජීවි කාර්යාලයට අනුයක්තව සේවය කළ නිලධාරියෙකි.

මිය ගිය වනජීවි නිලධාරියාගේ මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරික්ෂණ අද (23) සිදු කිරීමට නියමිතයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු වෙඩි තැබීමට උපයෝගී කරගත් බොර 12 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.