FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් 19 මෙහෙයුමට ලැබුණු තවත් පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යාග කර තිබේ.

බස් රථ 02 අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දි ටොයොටා ලංකා පෞද්ගලික සමාගමේ කළමනාකාරිත්වය විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සූගීශ්වර බණ්ඩාර යන මහත්වරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

පසුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා වෙත COVID පර්යේෂණ සහ මර්දන කටයුතු සදහා බස් රථ දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් භාර දෙනු ලැබිණ.