FAST NEWS

24×7 Around the Globe

ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගෙන් ලක්ෂ 7 කට වැඩි පිරිසක් සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගෙන් ලක්ෂ 7 ක් ඉක්මවූ පිරිසක් මේ වන විට සුවය ලබා තිබේ.   

මේ වන විට ලොව පුරා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව විසිපන් ලක්ෂ 75,000 ට ආසන්න වන අතර , ඒ අනුව සුවය ලැබීමේ ප්‍රතිශතය 27 % ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර සිංගප්පූරුවෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අද දස දහස ඉක්මවා ගියේය.

එරටින් දෛනිකව හඳුනා ගන්නා ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් නව ආසාදිතයින් 1016 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් රට වසා දැමීමට ගත් තීරණය ද ලබන ජුනි මස පළමුවනදා දක්වා දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ.