FAST NEWS

24×7 Around the Globe

අවයව දන් දෙන ක්‍රමයක් ඉල්ලා කාන්තාවකගෙන් අධිකරණයට පෙත්සමක්.

වකුගඩු ,අක්මාව සහ මොළය වැනි ඉන්ද්‍රීයන් දන්දීම සඳහා එවැනි ශාරීරික අවයව ගබඩා කළ හැකි ක්‍රමයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඇති කරන්නැයි කොළඹ පදිංචිකාරියක් අද (6) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළාය.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

ලේ බැංකුවක් හා ඇස් බැංකුවක් ඇතත් අනෙකුත් ශරීර අවයව සඳහා එවැනි ක්‍රමවේදයක් නැති බවද පැමිණිලිකාරිය කියා සිටීයි.

මේ වන විට ලංකාවේ බහුතරයක් දෙනා ස්වභාවිකව, රිය අනතුරු සහ රෝගි තත්ත්ව වලින් මිය යන හෙයින් එලෙස මිය යන පුරවැසියන්ට තම මරණයෙන් වකුගඩු, අක්මා, මොළය ඇතුළු ශාරීරික අවයව දන්දීමේ දැනට ලංකාවේ නොමැති බවත් , එබැවින් මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීම වඩා යහපත් බව පැමිණිලිකාරිය කියා සිටීයි.

එසේම මෙවැනි ක්‍රමයක් බෞද්ධාගමිකයන් බහුතරයක් සිටින ලංකාව වැනි රටක ඇති කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු බවත් පැමිණිල්ලේ සදහන් වේ.